الترجمة السنهالية

مركز رواد الترجمة
Add Enterpreta Add Translation

page 322

ٱقۡتَرَبَ لِلنَّاسِ حِسَابُهُمۡ وَهُمۡ فِي غَفۡلَةٖ مُّعۡرِضُونَ١

ජනයාට, ඔවුන් උදාසීනව පිටුදකින්නන් ලෙස සිටිය දී ඔවුන්ගේ විනිශ්චය සමීප විය.

مَا يَأۡتِيهِم مِّن ذِكۡرٖ مِّن رَّبِّهِم مُّحۡدَثٍ إِلَّا ٱسۡتَمَعُوهُ وَهُمۡ يَلۡعَبُونَ٢

ඔවුන් වෙත ඔවුන්ගේ පරමාධිපතිගෙන් නව උපදෙසක් පැමිණි සෑම විටෙකම ඔවුන් එය හාස්‍යයට ලක් කරමින් සවන් දුන්නා මිස නැත.

لَاهِيَةٗ قُلُوبُهُمۡۗ وَأَسَرُّواْ ٱلنَّجۡوَى ٱلَّذِينَ ظَلَمُواْ هَلۡ هَٰذَآ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡۖ أَفَتَأۡتُونَ ٱلسِّحۡرَ وَأَنتُمۡ تُبۡصِرُونَ٣

ඔවුන්ගේ හදවත් අවධානයකින් තොරව පවතී. තවද "මොහු නුඹලා මෙන් මිනිසෙකු මිස වෙන කවුරුද? නුඹලා දැක දැකම හූනියම වෙතට යන්නෙහුදැ?" යැයි අපරාධ කළවුන් රහස් සාකච්ඡාවන් රහසින් කතා කරගත්හ.

قَالَ رَبِّي يَعۡلَمُ ٱلۡقَوۡلَ فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ٤

මාගේ පරමාධිපති අහස්හි හා මහපොළොවෙහි (සිදු වන) ප්‍රකාශයන් දනී. තවද ඔහු සර්ව ශ්‍රාවකය. සර්වඥානීය යැයි ඔහු (නබිවරයා) පැවසුවේය.

بَلۡ قَالُوٓاْ أَضۡغَٰثُ أَحۡلَٰمِۭ بَلِ ٱفۡتَرَىٰهُ بَلۡ هُوَ شَاعِرٞ فَلۡيَأۡتِنَا بِـَٔايَةٖ كَمَآ أُرۡسِلَ ٱلۡأَوَّلُونَ٥

නැත. එය (නබිවරයා ගෙන ආ ශුද්ධ වූ වදන්) සිහින වල ව්‍යාකූලත්වයකි. එසේ නොව ඔහු එය ගෙතුවේය. නැත. ඔහු කවියෙකි.එහෙයින් මුතුන්මිත්තන්ට එවනු ලැබුවාක් මෙන් සංඥාවක් ඔහු අප වෙත ගෙන එත්වා යැයි ඔවුහු පැවසූහ.

مَآ ءَامَنَتۡ قَبۡلَهُم مِّن قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَآۖ أَفَهُمۡ يُؤۡمِنُونَ٦

ඔවුනට පෙර අපි විනාශ කළ කිසිදු ගම්මානයක් (එහි වැසියන්) විශ්වාස නොකළේය. එසේ නම් මොවුන් විශ්වාස කරනු ඇත් ද?

وَمَآ أَرۡسَلۡنَا قَبۡلَكَ إِلَّا رِجَالٗا نُّوحِيٓ إِلَيۡهِمۡۖ فَسۡـَٔلُوٓاْ أَهۡلَ ٱلذِّكۡرِ إِن كُنتُمۡ لَا تَعۡلَمُونَ٧

නුඹට පෙර අපි දූතයින් ලෙස පිරිමින්වම මිස එව්වේ නැත. අපි ඔවුනට දේව පණිවිඩ ලබා දුනිමු. එහෙයින් නුඹලා නොදැන සිටින්නේ නම් දැනුම ඇත්තන්ගෙන් නුඹලා විමසනු.

وَمَا جَعَلۡنَٰهُمۡ جَسَدٗا لَّا يَأۡكُلُونَ ٱلطَّعَامَ وَمَا كَانُواْ خَٰلِدِينَ٨

තවද ආහාර අනුභව නොකරන ශරීරයක් බවට අපි ඔවුන් පත් නොකළෙමු. තවද ඔවුහු සදාතනිකයින් නොවූහ.

ثُمَّ صَدَقۡنَٰهُمُ ٱلۡوَعۡدَ فَأَنجَيۡنَٰهُمۡ وَمَن نَّشَآءُ وَأَهۡلَكۡنَا ٱلۡمُسۡرِفِينَ٩

පසු ව එම ප්‍රතිඥාව ඔවුනට අපි සැබෑ කළෙමු. එවිට අපි ඔවුන් හා අප අභිමත කරන්නා වූ අය මුදවා ගත්තෙමු. තවද සීමාව ඉක්මවා ගියවුන් අපි විනාශ කළෙමු.

لَقَدۡ أَنزَلۡنَآ إِلَيۡكُمۡ كِتَٰبٗا فِيهِ ذِكۡرُكُمۡۚ أَفَلَا تَعۡقِلُونَ١٠

එහි නුඹලා ගැන සඳහනක් ඇති දේව ග්‍රන්ථයක් නුඹලා වෙත සැබැවින්ම අපි පහළ කළෙමු. නුඹලා වටහා ගත යුතු නොවේද?

page 323

وَكَمۡ قَصَمۡنَا مِن قَرۡيَةٖ كَانَتۡ ظَالِمَةٗ وَأَنشَأۡنَا بَعۡدَهَا قَوۡمًا ءَاخَرِينَ١١

තවද අපරාධකාරී වූ ගම්මාන කොපමණක් අපි සුනු විසුනු කළෙමු ද?. තවද එයට පසු ව අපි වෙනත් පිරිසක් බිහි කළෙමු.

فَلَمَّآ أَحَسُّواْ بَأۡسَنَآ إِذَا هُم مِّنۡهَا يَرۡكُضُونَ١٢

ඔවුනට අපගේ දඬුවම හැඟී ගිය කල්හි ඔවුන් එයින් පලා යති.

لَا تَرۡكُضُواْ وَٱرۡجِعُوٓاْ إِلَىٰ مَآ أُتۡرِفۡتُمۡ فِيهِ وَمَسَٰكِنِكُمۡ لَعَلَّكُمۡ تُسۡـَٔلُونَ١٣

නුඹලා පලා නොයනු. එහි නුඹලා භුක්ති විඳිනු ලැබුවා වූ දෑ වෙත ද නුඹලාගේ වාසස්ථාන වෙත ද නුඹලා නැවත හැරී යනු. නුඹලා ප්‍රශ්න කරනු ලැබිය හැකි වනු පිණිස.

قَالُواْ يَٰوَيۡلَنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ١٤

අහෝ අපගේ විනාශය, නියත වශයෙන්ම අපි අපරාධකාරයින් ලෙස සිටියෙමු යැයි ඔවුහු පැවසූහ.

فَمَا زَالَت تِّلۡكَ دَعۡوَىٰهُمۡ حَتَّىٰ جَعَلۡنَٰهُمۡ حَصِيدًا خَٰمِدِينَ١٥

අපි ඔවුන් නෙළන ලද (අස්වැන්න) පුඵස්සනු ලැබූ දේ බවට පත් කරන තෙක් ඔවුන්ගේ එම වැලපීම ඉවත් නොවීය.

وَمَا خَلَقۡنَا ٱلسَّمَآءَ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا لَٰعِبِينَ١٦

තවද අහස් හා මහපොළොවද ඒ දෙක අතර ඇති දෑ ද කෙළි ලොල් කරන්නක් වශයෙන් අපි නොමැව්වෙමු.

لَوۡ أَرَدۡنَآ أَن نَّتَّخِذَ لَهۡوٗا لَّٱتَّخَذۡنَٰهُ مِن لَّدُنَّآ إِن كُنَّا فَٰعِلِينَ١٧

අපි හාස්‍යයට ගන්නට සිතුවේ නම්, එය එසේ සිදු කරන්නන් ලෙස සිටියෙමු නම් අප විසින්ම එය ගන්නට තිබුණි.

بَلۡ نَقۡذِفُ بِٱلۡحَقِّ عَلَى ٱلۡبَٰطِلِ فَيَدۡمَغُهُۥ فَإِذَا هُوَ زَاهِقٞۚ وَلَكُمُ ٱلۡوَيۡلُ مِمَّا تَصِفُونَ١٨

නමුත් අපි සත්‍යය ගෙන අසත්‍යයට එරෙහි ව පහර දෙන්නෙමු. එය එවිට එය(අසත්‍යය) පහ කර දමයි. එවිට එය විනාශ වී යන්නකි. තවද නුඹලා (අල්ලාහ්ට දරුවෙකු හෝ බිරියකු ඇතැයි යනුවෙන්) වර්ණනා කරන දෑ හේතුවෙන් නුඹලාට (වයිල් නම්) විනාශය ඇත.

وَلَهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَمَنۡ عِندَهُۥ لَا يَسۡتَكۡبِرُونَ عَنۡ عِبَادَتِهِۦ وَلَا يَسۡتَحۡسِرُونَ١٩

අහස්හි හා මහපොළොවෙහි සිටින්නන් ද ඔහු අබියස සිටින්නන් ද (මලක්වරුන්) ඔහු සතුය. ඔහුට වන්දනාමානය කිරීම සම්බන්ධයෙන් ඔවුහු උඩඟු නොවෙති. තවද ඔවුහු විඩාවට පත් නොවෙති.

يُسَبِّحُونَ ٱلَّيۡلَ وَٱلنَّهَارَ لَا يَفۡتُرُونَ٢٠

රාත්‍රි හා දහවල් කාලයේ ඔවුහු සුවිශුද්ධ කරති. තවද ඔවුහු වෙනතකට යොමු නොවෙති.