(මෙය) දේව ආදේශ කරන්නන් අතුරින් කව්රුන් වෙත නුඹලා ගිවිසුම් ඇති කර ගත්තෙහුද, (එය අවසන් කරමින්) ඔවුන් වෙතින් අල්ලාහ්ද, ඔහුගේ දූතයාණන්ද ඉවත් වීමේ ප්‍රකාශයයි.
(මෙය) දේව ආදේශ කරන්නන් අතුරින් කව්රුන් වෙත නුඹලා ගිවිසුම් ඇති කර ගත්තෙහුද, (එය අවසන් කරමින්) ඔවුන් වෙතින් අල්ලාහ්ද, ඔහුගේ දූතයාණන්ද ඉවත් වීමේ ප්‍රකාශයයි.
මාස හතරක් මෙම භූමියේ සැරිසරනු. නියත වශයෙන්ම නුඹලා අල්ලාහ් ව නිෂ්ඵල කරන්නට නොහැකි බවත් තවද නියත වශයෙන්ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේපකයින් අවමන් කරන බවත් නුඹලා දැන ගනු.
තවද මහා හජ් දිනයෙහි සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙතින් වූ සියඵ ජනයා වෙත කරනු ලබන දැනුම් දීමයි. (එනම්) අල්ලාහ්ට ආදේශ තබා වන්දනාමානය කරන්නන්ගෙන් අල්ලාහ් සහ ඔහුගේ දූතයාණන් ඉවත් වූහ. වෙතින් වූ දැනුම් දීමය. (එබැවින්) නුඹලා පශ්චාත්තාප වී මිදුණේ නම් එවිට එය නුඹලාට යහපත්ය. තවද නුඹලා පිටුපෑවෙහු නම් එවිට සැබැවින්ම නුඹලා අල්ලාහ් ව දුබල කරන්නට හැකියාවන්ත නොවන බව දැනගනු. ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් ඇති බව නුඹ ශුභාරංචි දන් වනු.
නමුත් ආදේශ කරන්නන් අතුරින් නුඹලා ගිවිස ගත් පසු නුඹලාට (එම ගිවිසුමෙහි) කිසිදු අඩුවක් නොකර, නුඹලාට එරෙහි ව කිසිවෙකුට උදව් නොකරන අය හැර. එහෙයින් ඔවුන්ගේ නියමිත කාලය දක්වා ඔවුන්ගේ ගිවිසුම ඔවුන් වෙත පූර්ණ ව ඉටු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් ප්‍රිය කරයි.
ශුද්ධ මාස ගෙවී ගිය පසු නුඹලා ආදේශ කරන්නන්ව දුටු තැන ඝාතනය කරනු. තවද ඔවුන් ව අල්ලා ගනු. තවද ඔවුන් ව වටලනු. (ඔවුන්) යන එන සෑම තැනකම ඔවුන් ගැන විමසිල්ලෙන් (රැක) සිටිනු. නමුත් ඔවුන් පසුතැවිලි වී මිදී සලාතය විධිමත් ව ඉටු කොට zසකාත් ද පිරිනැමුවේ නම් ඔවුන්ගේ මාර්ගයේ ඔවුන් ව නුඹලා අත හැර දමනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.
ආදේශ කරන්නන් අතුරින් කවරෙක් හෝ නුඹගෙන් රැකවරණය පැතුවේ නම් එවිට ඔහු අල්ලාහ්ගේ වදනට සවන් දෙන තෙක් නුඹ ඔහුට රැකවරණය දෙනු. පසු ව ඔහු ආරක්ෂිතව සිටිය හැකි ස්ථානයක් වෙත ඔහු ව සේන්දු කරනු. හේතුව නියත වශයෙන්ම ඔවුන් නොදන්නා පිරිසක් බැවිනි.
මස්ජිදුල් හරාම් අසල නුඹලා ගිවිස ගත් උදවියට හැර ආදේශ කරන්නන්හට අල්ලාහ් වෙතින් හා ඔහුගේ දූතයාණන් වෙතින් ගිවිසුමක් ඇති වන්නේ කෙසේ ද?. ඔවුන් නුඹලාට ඍජු ව කටයුතු කරන තාක් කල් නුඹලා ද ඔවුනට ඍජු ව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් ප්‍රිය කරයි.
(ගිවිසුමක් රැඳී පවතින්නේ ) කෙසේ ද? නුඹලාට එරෙහි ව ඔවුන් ජය ලබන්නේ නම් නුඹලා සමඟ පවතින සම්බන්ධතාව ගැන හෝ ගිවිසුම ගැන ඔවුන් තැකීමක් නොකරති. ඔවුන්ගේ කටින් නුඹලා ව තෘප්තියට පත් කරති. නමුත් ඔවුන්ගේ හදවත් එයට පිළිකුල් කරති. තවද ඔවුන්ගෙන් බහුතරයක් පාපතරයෝය.
ඔවුන් අල්ලාහ්ගේ වදන් ස්වල්ප මිලකට විකුණුවෝය. එහෙයින් ඔවුහු ඔහු(අල්ලාහ්)ගේ මාර්ගයෙන් වැළැක්වූහ. නියත වශයෙන්ම ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය.
දේව විශ්වාසවන්තයකු විෂයයෙහි කිසිදු (ඥාතී) සම්බන්ධතාවක් හෝ ගිවිසුමක් ගැන හෝ ඔවුහු සැලකිලිමත් නොවෙති. තවද ඔවුහුමය සීමාව ඉක්මවා ගියවුන් වන්නෝ.
නමුත් ඔවුහු පශ්චාත්තාප වී (වරදින්) මිදී සලාතය ද විධිමත් ව ඉටු කර, zසකාතය ද පිරිනැමුවේ නම් එවිට ඔවුහු දහමෙහි නුඹලාගේ සහෝදරයෝ වෙති. තවද වටහා ගන්නා පිරිසට අපි මෙම වදන් පැහැදිලි කරන්නෙමු.
ඔවුන් ගිවිස ගත් පසු ඔවුන්ගේ ගිවිසුම කඩ කොට නුඹලාගේ දහම පිළිබඳ ව ඔවුන් දොස් නැගුවේ නම් එවිට නුඹලා දේව ප්‍රතික්ෂේපිත නායකයින් සමඟ සටන් වදිනු. (එම වැරදි ගමනින්) ඔවුන් වැළකී සිටිය හැකි වනු පිණිස නියත වශයෙන්ම ඔවුනට කිසිදු ගිවිසුමක් නොවිය යුතුය.
සිය ගිවිසුම බිඳ දමමින්, මෙම දූතයාණන් ව (මක්කාවෙන්) පිටුවහල් කිරීමට සැලසුම් කළ පිරිසක් සමඟ නුඹලා සටන් කළ යුතු නොවේ ද? නුඹලා සමඟ (සටන් කිරීමට) පළමු වර ආරම්භ කළේ ඔවුන්ය. නුඹලා ඔවුනට බිය වන්නෙහු ද? නුඹලා විශ්වාසවන්තයින් ව සිටියෙහු නම් නුඹලා බිය වීමට වඩාත් සුදුස්සා වන්නේ අල්ලාහ්ය.
ඔවුන් සමඟ නුඹලා සටන් කරනු. නුඹලාගේ දෑතින් අල්ලාහ් ඔවුනට දඬුවම් කරයි. තවද ඔවුන් ව අවමානයට පත් කරයි. ඔවුනට එරෙහි ව නුඹලාට උදව් කරයි. දේව විශ්වාසවන්ත පිරිසගේ හදවත් හි ඔහු සුවය ඇති කරයි.
තවද ඔවුන්ගේ හදවත් හි ඇති කෝපය ඔහු පහ කරයි. තමන් අභිමත කරන අය වෙත අල්ලාහ් සමාව ලබා දෙයි. තවද අල්ලාහ් සර්ව ඥානීය. සියුම් ඥානය ඇත්තාය.
නුඹලා අතුරින් යුද්ධ කළවුන්ද අල්ලාහ් ද ඔහුගේ රසූල්වරයා ද දේව විශ්වාසවන්තයින් ද හැර,වෙන කිසිවෙකු නුඹලා සුහඳ මිතුරන් ලෙස නොගත් බව ඔහු දැන ගන්නාතුරු නුඹලා අත හැර දමනු ඇතැයි සිතන්නෙහු ද? තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
ආදේශ තබන්නන් (තමන්ගේ) දේව ප්‍රතික්ෂේපය ගැන තමන්ට එරෙහි ව සාක්ෂි දරන්නන් ලෙස සිටිය දී අල්ලාහ්ගේ මස්ජිදයන් පරිපාලනය කිරීම ඔවුනට සුදුසු නොවේ. තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුහුය. තවද නිරා ගින්නේ ඔවුහු සදාතනිකයෝ වෙති.
අල්ලාහ්ගේ මස්ජිදයන් පරිපාලනය කරනුයේ අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට සලාතය විධිමත් ව ඉටු කර zසකාතය ද පිරිනමා අල්ලාහ් හැර වෙන කිසිවකුට බිය නොවූ අයයි. යහ මඟ ලැබූවන් අතුරින් සිටිය හැක්කේ ඔවුන්ට ම ය.
හජ් වන්දනාකරුවන්ට ජලය සපයා මස්ජිදුල් හරාමය පරිපාලනය කරන්නන් ව අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට අල්ලාහ්ගේ මාර්ගයේ කැපවූවන් මෙන් නුඹලා පත් කළෙහි ද? අල්ලාහ් අබියස ඔවුන් එක සමාන නොවෙති. තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මඟ නොපෙන්වයි.
විශ්වාස කොට (තම වාසස්ථාන වලින්) නික්ම ගොස් අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය හා ජීවිත පරිත්‍යාග කළවුන් අල්ලාහ් අබියස නිලයෙන් අති මහත් අය වෙති. තවද ජයග්‍රහකයෝ ඔවුහුමය.